බීමත්ව රිය පැදවීමේ වරදට වරදකරු වූ එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු නායක වේන් රූනිට වසර දෙකක් වාහන පැදවීම තහනම් කිරීමටත් පැය 100ක් සමාජ සේවයේ යෙදෙන ලෙසත් එංගලන්ත අධිකරණයක් අද (18දා) නියෝග කර තිබේ.මිට අමතරව ඔහුට පවුම් 170ක දඩයක්ද පැනවීමට අධිකරණය නියෝග කළේය.
පසුගිය 01 දා ඔහු බීමත්ව රිය පැදවීමේ වරදට පොලිස් අත්අඩංගුවටපත්විය.
අධිකරණයේ නඩුව විභාග වන අවස්ථාවේදී ප්රකාශයක් කරමින් එවර්ටන් පාපන්දු ක්රීඩකයා පැවැසුවේ සීමාව ඉක්මවා මත්පැන් පානය කර වාහන ධානය කිරීම සම්බන්ධයෙන් තමන් සෑම අයෙකුගෙන්ම සමාව ගන්නා බවයි.