බ්‍රසීල කණ්ඩායමේ නව පුහුණුකරු ලෙසින් පත්වූ දුන්ගා හා බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩක නේමාර් අතර සබඳතාව කෙසේවේදැයි යන්න පිළිබඳව ගැටලුවක් පැන නැගී තිබේ. ඒ නේමාර්ට දෝෂාරෝපණය කිරීමට දුන්ගා කටයුතු කර තිබෙන හෙයිනි.
නේමාර්ගේ වර්ණ ගැන්වූ කොණ්ඩය හා නේමාර් හිස්වැසුම් පැලඳීම පිළිබඳව දුන්ගා සිය නොසතුට පළකර තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කළේය. කෙසේ වෙතත් දුන්ගාගේ මෙම ක්‍රියාව ජාත්‍යන්තර පාපන්දු විචාරයකයන් විවේචනය කර තිබේ.
දුන්ගා පවසන්නේ “අපි නේමාර් වෙනුවෙන් ක්‍රීඩා කරන්නෙ නෑ. ඔහු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ යුතුයි. ජාතික කණ්ඩායමත් සමග සිටින විට කොණ්ඩය වර්ණගැන්වීමට මම ඉඩ තියන්නෙ නෑ. නේමාර් හිස්වැස්මක් පලඳිනවා නම් එය බ්‍රසීල හිස්වැස්මක් විය යුතුයි” යනුවෙනි.