අන්තර්ජාතික පාපන්දු සංගමයේ සභාපති වශයෙන් පස්වැනි වතාවටත් තේරී පත්වූ ස්විස් ජාතික සෙප් බ්ලැටර් මහතා සිය ධුරයෙන් ඉවත්වීමට තිරණය කර තිබේ.
ඒ අන්තර්ජාතික පාපන්දුවේ සිදුවූ ඇතැයි පැවැසෙන අක්රමිකතවා පිළිබඳව ඇමෙරිකාව විසින් පරීක්ෂණ ආරම්භ කිරීමත් එයට සමගාමීව බ්ලැටර් පිළිබඳව විමර්ශනය කිරීමත් හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉවත්වී තිබේ.
1988 වසරේ පටන් අඛණ්ඩව අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපතිත්වය උසුලන බ්ලැටර් පසුගියදා පැවැති නිලවරණයෙන්ද ජයග්රහණය ලැබීය.
ඔහුගේ ඉවත්වීමත් සමග මේ වසරේ දෙසැම්බර් හා එළැඹෙන වසරේ මාර්තු අතර කාලසීමාවේදී තවත් නිලවරණයක් පැවැත්වීමට නියමිත බව බී.බී.සී. පුවත්සේවය සඳහන් කරයි.