වේගපන්දු යවන්නන්ගේ 'බවුන්සර්' පන්දුවට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීම අනවශ්‍ය කාරණයක් බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී) ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් පවසයි.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුටත් සඳහන් කළේ, බවුන්සර් පන්දුවලට තහංචි පැනවීම වෙනුවට ක්‍රීඩකයන් තමන්ගේ ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.
පසුගියදා (27දා) බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩක පිල් හියුස් මිය යාමෙන් පසු බවුන්සර් පන්දු යැවීම පිළිබඳ ඇති වූ මතභේදකාරී තත්ත්වය පිළිබඳව ඔහු මෙලෙස අදහස් දක්වා ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් හිටපු ඔස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්ට් පවසන්නේ, පිතිකරුවන්ගේ හිස් වැසුම් මීට වඩා ආරක්ෂාකාරී විය යුතු බවයි.