එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඒ කාණ්ඩයේ පැවැති තරගයකින් එංගලන්තය පරදා ලකුණු 15 ක පෙරළිකාර ජයක් ලැබීමට බංග්ලාදේශය සමත්විය. ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ඕවල් පිටියේ පැවැති මෙම තරගයේදී ලකුණු 276 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය එංගලන්තයට පන්දුවාර 48.3 ක් තුළදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 260 ක් පමණි.
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ජොස් බට්ලර් ලකුණු 65ක්ද, ඉයන් බෙල් ලකුණු 63ක්ද රැස්කිරීමට සමත් වූහ. බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රුබෙල් හුසේන් කඩුලු04 ක් දවාලීමට සමත් විය.
එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 275 ක් රැස්කිරීමට සමත්විය. බංග්ලාදේශ ඉනිම ගොඩනැංවීමේ නියමුවා වූ මහමුදුල්ලා සිය මංගල එක්දින ශතකය රැස්කරමින් ලකුණු 103 ක් රැස්කළේය.
බංග්ලාදේශය 275/7 (පන්දුවාර 50)
මහමුදුල්ලා 103 (පන්දු 138, 4x7, 6x2)
මුෂ්ෆිකර් රහීම් 89 (පන්දු 77, 4x8, 6x1)
ජෙම්ස් ඇන්ඩර්සන් 2/45 (පන්දුවාර 10)
ක්‍රිස් ජෝඩන් 2/59 (පන්දුවාර 10)
එංගලන්තය 260/10 (පන්දුවාර 48.3 )
ඉයන් බෙල් 63(පන්දු 82, 4x7)
ජොස් බට්ලර් 65(පන්දු 52, 4x6,6x1)
රුබෙල් හොසෙයින් 4/53(පන්දුවාර 9.3)
මෂ්රෆී මොර්ටාසා 2/48(පන්දුවාර 10)