සංචාරක එංගලන්ත කණ්ඩායම පරාජය කර මීර්පූර්හි ඊයේ (09දා) රාත්‍රියේ පැවති දෙරට අතර දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 34ක ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් යුත් එක්දින තරගාවලිය, තරග 1- 1 ක් ලෙස සමකිරීමට බංග්ලාදේශයට හැකිවිය.
ශේර් බංග්ලා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම, පන්දුවාර 50 අවසනදී කඩුලු 08ක් දැවී ලකුණු 238ක් රැස්කිරීමට සමත්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 44.4 ක් අවසනදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 204ක් පමණි. තරගයේ වීරයා ලෙස තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ මෂ්රාෆි මොර්ටාසා සම්මාන දිනාගත්තේය.
දෙරට අතර පළමු එක්දින තරගයෙන් ලකුණු 21ක ජයක් ලැබීමට එංගලන්තය සමත්වූ අතර, තරගාවලියේ තෙවැනි හා අවසන් තරගය එළබෙන 12 වැනිදා චිතගොංහිදී පැවැත්වීමට නියමිතව ඇත.