සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර මීර්පූර්හිදී පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයටද වර්ෂාවෙන් බාධා වීම නිසා තරගය ජයපරාජයෙන් තොරව අද (03දා) අවසන් විය.
පසුගිය බ්‍රහස්පතින්දා (30දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පහදුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පළමු දිනට තරගය අත්හිටු වනවිට පන්දුවාර 88.1 අවසානයේ ලකුණු 246/8 රැස්කරගෙන සිටියේය. ඉනිම ඔසවා තැබූ මුෂ්ෆිකර් රහීම් ලකුණු 65ක් රැස්කළ අතර, මොමිනුල් හක් (40), මහමදුල්ලා (35) හා ශකීබ් අල් හසන් (35) පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්වූහ. පන්දු යැවීමෙන් ඩේල් ස්ටේන් (3/30) හා ජේ.පී. දුමිනි (3/27) දකුණු අප්‍රිකාව වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූහ.
කෙසේ නමුත් ඉන් පසු අද (03දා) දිනය දක්වා ඉතිරි දින හතරේ කිසිඳු දිනයක් ක්‍රීඩාකළ නොහැකි තරමට සම්පූර්ණයෙන් වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් තරගය අත්හිටුවීමට තරග විනිසුරු එංගලන්ත ජාතික ක්‍රිස් බ්‍රොඩ් කටයුතු කළේය. ඒ හේතුවෙන් තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය.
තරගයේ වීරයා ලෙස මුෂ්ෆිකර් රහීම් සම්මාන දිනාගත් අතර, තරගාවලියේ වීරයා ලෙස ඩේස් ස්ටේන් සම්මාන දිනාගත්තේය. දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයටද වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් එම තරගයේ වැඩි කාලයක් ක්‍රීඩාකිරීමට නොහැකි විය.
බංග්ලාදේශය පළමු ඉනිම / දකුණු අප්‍රිකාව පන්දු යැවීම