ඇමෙරිකානු පිහිනුම් ක්රීඩක මයිකල් පෙල්ප්ස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (30දා) පෙරවරුවේදී පෙල්ප්ස් මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙන්නේ බිමතින් රිය ධාවන කිරීමේ චෝදනා යටතේය.
පැයට සැතපුම් 45ක වේගයෙන් ගමන් කළ හැකි මාර්ගයකදී පෙල්ප්ස් පැයට සැතපුම් 84ක වේගයකින් ගමන් කර තිබෙන බව පොලීසිය කියයි.
අත්අඩංගුවට පත්වීමේන් පසුව දඬ නියමකර පෙල්ප්ස් නිදහස් කර තිබෙන බවත් පොලීසිය කියයි.
ඇමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්රදේශය බැල්ටිමෝර්හිදී පෙල්ප්ස් අත්අඩංගුවට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තමන් වගකීම ගන්නා බව පෙල්ප්ස් සිදුවීම සම්බන්ධයෙන් ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔලිම්පික් ඉතිහාසයේ සාර්ථකම මලල ක්රීඩකයා ලෙස පිලිගැනෙන පෙල්ප්ස් 2012 වසරේ පැවැති ලන්ඩන් ඔලිම්පික් තරගාවලියෙන් පසුව පිහිනුම් ක්රීඩාවට විශ්රාම දුන්නත්, මේ වසරේදී ඔහු නැවත වරක් ක්රීඩාවට අවතීර්ණ විය.