එංගලන්ත ක්රිකට් කණ්ඩායමේ හිටපු ක්රිකට් ක්රීඩක කෙවින් පීටර්සන් එංගලන්ත ක්රිකට් පුහුණුකාරීත්වය හා කණ්ඩායමේ ක්රීඩකයන් ප්රසිද්ධියේ විවේචනයට ලක්කර ඇත.
එංගලන්ත ඩේලි ටෙලිග්රාෆි පුවත්පතට පෙරේදා (05දා) සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පීටර්සන් ප්රකාශ කර ඇත්තේ එංගලන්ත ක්රිකට් කණ්ඩායමේ සිටි අවධියේ එහි අයුතු පාලනාධිකාරියක් නිර්මාණය කිරීමට පුහුණුකරු වූ ඇන්ඩි ෆ්ලවර් ක්රියා කළ බවයි.
එසේම ෆ්ලවර්ගේ එම පාලනයට විරුද්ධ වූ එකම ක්රීඩකයා තමන් බවද පීටර්සන් වැඩිදුරටත් ප්රකාශ කර ඇත. පීටර්සන් මෙම සම්මුඛ සාකච්ඡාවේදී ෆ්ලවර්ට අමතරව එංගලන්ත කණ්ඩායමේ නායක ඇලෙස්ටෙයාර් කුක් කඩුලු රකින්නා වන මැට් ප්රයර්ද විවේචනයට ලක්කර ඇත.