පීටර්සන් අන්තර්ජාතික ක්රිකට් පිටියට සමුදෙයි
- 7 01 2015
- 13:06
- {{hitsCtrl.values.hits}} views
- ඔෂිත වරකපිටිය
දකුණු අප්රිකානු ක්රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඇල්විරෝ පීටර්සන් අන්තර්ජාතික ක්රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත. පෙරේදා (06දා) නිමාවට පත්වූ දකුණු අප්රිකා, බ.ඉ.කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් පසු ඔහු මෙම තීරණය ප්රකාශයට පත් කර ඇත.
සිය තීරණය ප්රකාශයට පත් කරමින් පීටර්සන් පවසා ඇත්තේ තමා දැන් 34 වැනි විය ගෙවාදමමින් සිටින නිසා සමුගැනීමට නියමිත කාලය මෙය යැයි තමන් තීරණය කළ බවයි.
පීටර්සන් ඉදිරි කාලයේදී දකුණු අප්රිකානු ප්රාන්ත ක්රිකට් තරගවල වැඩිවශයෙන් එක්වීමට නියමිත බව වාර්තාවේ.
පීටර්සන් ටෙස්ට් තරග 36 කදී එක්දින තරග 21 කදී හා පන්දුවාර විස්ස තරග 2 කදී දකුණු අප්රිකාව නියෝජනය කිරීමට සමත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
