පිහිනුම් ක්රීඩක මැතිව් අබේසිංහ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ හොංකොං හි පැවැති අන්තර්ජාතික වයස් කාණ්ඩ පිහිනුහ් ශූරතාවලියේ මීටර් 100 නිදහස් ආර ඉසව්ව ජයගනිමිනි.
මැතිව්ස් එම ඉසව්ව නිම කිරීම සඳහා තත්පර 50.53ක කාලයක් ගත කළේය. ඔලිම්පික් පරිසාධන මට්ටම තත්පර 50.70කි.
මැතිව්ස් සිය දක්ෂතාවයෙන් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට සම්තවීමටත් සමග ශ්රී ලංකා පිහිනුම් ක්රීඩා ඉතිහාසයේ වයිල්ඩ් කාර්ඩ් පදනමින් තොරව ඔලිම්පික් පිහිනුම් තරගාවලියට එක්වෙන පළමු පිහිනුම් ක්රීඩකයා ලෙසත් මැතිව්ස් ඉතිහාසයට එක්වෙන බව වාර්තා වෙනවා.