දකුණු අප්රිකාවේ පැරාලිම්පික් ක්රීඩක ඔස්කා පිසිටෝරියස් වසර හයකට සිරගත කිරීමට දකුණු අප්රකානු අධිකරණය අද (06දා) කටයුතු කළේය.
2013 වසරේ පෙබරවාරි මාස 14 දා එනම් ආදරවන්තයින්ගේ දිනයේදී සිය පෙම්වතිය වූ රීවා ස්ටෑන්කෑම්ප්ව වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා යටතේ ඔහුට මෙම සිර දඬුවම නියම විය.
පැරාලිම්පික් ක්රීඩකයෙක් වෙන පිස්ටෝරියස් 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් තරගාවලටද ක්රීඩා කළ අතර ඒ අනුව ඔලිම්පික් උළෙලක් නියෝජනය කළ පළමු පැරාලිම්පික් ක්රීඩකයා ලෙසද පිස්ටෝරියස් ඉතිහාසයට එක්විය.
මෙම දඬවම පැනවීමට මත්තෙන් පිස්ටෝරියස් මාස 11 ක් බන්ධනාගාරගතව සිටියේය.
තම නිවසට අනවසරයෙන් අතුළු වූ පුද්ගලයෙකු ලෙස සලකා සිය පෙම්වතියට නාන කාමරයේදී වෙඩි තැබූ බව පිස්ටෝරියස් සඳහන් කරයි.