ක්‍රිකට් තරගයකදී පිතිකරුවන් නව දෙනෙක් ලකුණු බිංදුවට දැවීයාමේ පුවතක් චෙක් ජනරජයෙන් වාර්තා වෙයි. චෙක් ලීග් ක්‍රිකට් තරගාවලියේ (පන්දුවාර 40) පැවැති තරගයකදී බොහෙමෙන් කණ්ඩායම හමුවේ ප්රාග් කණ්ඩායම මෙලෙස දැවීයාමට ලක්ව ඇත,
විනෝර් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් බොහෙමෙන් (Bohemian) කණ්ඩායම පන්දුවාර 22.2 අවසානයේ ලකුණු 126/8 රැස්කිරීමට සමත්විය. අරුන් අශෝකන් පන්දු 63කදී නොදැවී ලකුණු 67 ක් හා සුදේෂ් වික්‍රමසිංහ ලකුණු 13 ක් රැස්කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ප්රාග් (Prague) කණ්ඩායමට පන්දුවාර 14 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 54 ක් පමණි. මෙම ඉනිමේ සුවිශේෂීතාව වන්නේ පිතිකරුවෝ නව දෙනෙකු එකදු ලකුණක් හෝ රැස්නොකර දැවීයාමයි. සාර්ථක වූ එකම පිතිකරුවා වූ ආදිත්‍ය ජයිස්වාල් නොදැවී ලකුණු 43 ක් රැස්කිරීමට සමත්විය.
පන්දු යැවීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වන සුදේෂ් වික්‍රමසිංහ ලකුණු 17කට කඩුලු 06 ක් බිඳහෙළා ඇත. ඒ අනුව මෙම තරගයෙන් බොහෙමෙන් කණ්ඩායමට ලකුණු 72 ක ජයක් හිමිව ඇත.