එක්දින තරගවලදී පිතිකරුවන්ට ලබාදෙන පවර් ප්ලේ අවස්ථාව ඉවත් කිරීමට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ ක්රිකට් කමිටුව නිර්දේශ කර තිබේ. මේ පිළිබඳ යෝජනා අයි.සී.සී. ප්රධාන විධායක කමිටුවට ඉදිරිපත් කිරීමටත් කමිටුව තීරණය කර තිබේ.
පසුගිය සති අන්තයේදී මුම්බායිහීදී පැවැති අයි.සී.සී. ක්රිකට් කමිටු රැස්වීමේදී එක්දින පිටියේ ප්රධාන කරුණු තුනක් පිළිබදව අවධානය යොමු කර තිබේ. පවර් ප්ලේ ඉවත්කිරීම, එක්දින තරගවලදී පන්දු රකින ආකාරයේ වෙනසක් මෙන්ම, නිපන්දු සඳහා නිදහස් පහරවල් ලබාදීමේ වෙනසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබේ.
පන්දු රැකීමේදී පළමු පන්දුවාර 10 තුළදී යාර තිහේ සීමාවෙන් පිටත පන්දු රකින්නන් දෙදෙනෙකු යොදවනු ඇත. පන්දුවාr 11 සිට 40 දක්වා යාර 30 සීමාවට එපිටින් පන්දු රකින්නන් 4 දෙනෙකු රැඳවනු ඇත. 41-50 දක්වා අදාළ සීමාවට එපිටින් පන්දු යවන්නන් 5 දෙනෙකු රැඳවිය හැකිය.
පන්දු යවන්නන් සීමා ඉරට එපිටින් සිට පන්දු යොමුකිරීමේදී ලබාදෙන නිදහස් පහරට අමතරව සෑම ආකාරයකම නිපන්දු සඳහා නිදහස් පහරක් (free hit ) ලබාදීමට කමිටුව නිර්දේශ කර තිබේ.
තවද දිවා රාත්රී ටෙස්ට් තරග පැවැත්වීම පිළිබඳව අවධානය යොමු කර තිබේ. මෙම සංශෝධන සම්බන්ධයෙන් විධායක කමිටු අවසන් තීරණය ගැනීමට නියමිතව ඇත්තේ එළඹෙන ජුනි 22-26 දක්වා ජැමෙයිකාවේ බාර්බඩෝස්වලදී පැවැත්වෙන අයි.සී.සී. වාර්ෂික විධායක කමිටු සම්මන්ත්රණ සතියේදීය.