මෙවර පැරාලිම්පික් තරගාවලියට කළු පැල්ලමක් එක් කරමින් බයිසිකල් ධාවන තරගය අතරතුරදී ක්රීඩකයෙකු මිය යාමේ පුවතක් වාර්තා වේ.
පෙරේදා (17) පැවති පිරිමි C4-C5 (පාදයේ පහත කොටස් අප්රාණික හෝ ස්නායු රෝගි තරගකරුවන් වෙනුවෙන් පැවැත්වෙන) පැපැදි ඉසව්වට සහබාගි වූ ඉරානයේ බාමන් ගොල්බනේසාඩ් මෙලෙස මිය ගොස් ඇත්තේ තරගය අතරතුරදී ඇති වූ ඇද වැටිමක් හේතුවෙනි. එම ඇද වැටීමෙන් අනතුරුව බාමන් ට හෘදයාබාධයක් වැළඳී ඇති අතර ඔහුව වහාම රෝහල් ගත කළත් බාමන්ගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත.
මේ සමගින් පැරාලිම්පික් ඉතිහාසයේ තරගයක් අතරතුරදී මිය ගිය පළමු ක්රීඩකයි බවට බාමන් පත්විය. ඔහුගේ දේහය ඊයේ (18) ඉරානයට ගෙන යාමට නියමිතව තිබූ බව වාර්තා වේ. එමෙන්ම තරගාවලියේ සමාප්ති උලෙල අතරතුරදී බාමන් වෙනුවෙන් නිශ්ශබ්දතාවක් පැවැත්ළුීමටත් තරගාවලියේ සංවිධායකයින් තීරණය කොට ඇත.
48 හැවිරිදි බාමන් 2012 වර්ෂයේදී පැවති පැරාලිම්පික් තරගාවලියටද සහභාගි වීය.