ගැටුම් ඇති වීම නිසා කල් දැමුණු අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලිය එළඹෙන සඳුදා පටන් ආරම්භ කිරීමට අද (25) තීරණය විය. ඒ ක්‍රීඩා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ මූලිකත්වයෙන් අද (25) පැවති සාකච්ඡා වලදීය. මේ සඳහා පාසල් රග්බි සම්මේලනයේ නිළධාරීන්, ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිළධාරීන්, අන්තර්පාසල් රග්බි තරගාවලියට සහභාගි වන පාසල් කණ්ඩායම් හා ශ්‍රී ලංකා විනිසුරුවන්ගේ සම්මේලනයේ නිළධාරීන්ද සහභාගි විය. තරගාවලියේ පසුගිය සතියේදී පැවති ගැටුම් ඇතිවීම හා එම ගැටුම් ඉදිරියේදී වළක්වා ගැනීමට මෙම සාකච්ඡා පැවැත්විණි. මෙහිදී අදාළ ගැටුම් පිළිබඳ එම ගැටුම් වලට සම්බන්ධ පිරීම් වලට එරෙහිව පොලිසියේ පැමිණිලි සටහන් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම තරගය පැවැත්වෙන වේලාවේදී මත්පැන් අදාළ ක්‍රීඩාංගණ තුළ අලෙවි නොකිරීමටද වගබලා ගන්නා ලෙසින්ද සත්කාරක පාසල් වලින් අමාත්‍යවරයා ඉල්ලීමක් සිදු කලේය. එමෙන්ම තරගයන්හි ආරක්ෂාව පිළිබඳ අදාළ පාසල්සමගින් සාකච්ඡා කොට තිරණයක් ගැනීමට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හෆීස් මාසෝ මහතාව පත් කිරීමට ද මෙහිදී තීරණය විය.