බංග්ලාදේශයේ ඩකාහිදී අද (05දා) පැවැති දකුණු ආසියානු පාපන්දු සංගම් වාර්ෂික මහා සභා රැස්වීමේදී ශ්රී ලංකා පාපන්දු සංගමයේ වත්මන් සභාපති රංජිත් රොද්රිගෝ මහතා එහි උපසභාපති තනතුරට පත්කර ඇත.
ඒ සඳහා රටවල් 07 ක සමාජිකයන්ගෙන් රොද්රිගෝ මහතාට ඡන්ද 06 ක් හිමිවිය. ඔහු 2018 වර්ෂය දක්වා සිවු වසරක් එම තනතුරේ රැඳී සිටිනු ඇත. එහි සභාපති ලෙස බංග්ලාදේශයේ එම්.ඩී. කාසි තේරී පත්වූ අතර, සෙසු උපසභාපතිවරුන් ලෙස පාකිස්තානයේ සයීඩ් කාදිම් සහ භූතානයේ උගෙයෙන් ඩොරිගි තේරී පත්වූහ.