ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරයකට අවශ්‍ය පහසුකම් සැපයීමට තමන් සූදානම් බව පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය සඳහන් කරයි.
පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලයේ සභාපති නජාම් සේති සඳහන් කළේ පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය විසින් සංවිධානය කරන ක්‍රිකට් තරගාවලියක් සඳහා ආරාධනා කිරීමේ ලිපියක් ශ්‍රී ලංකාවට යොමුකරන බවයි.
2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව බංග්ලාදේශ කණ්ඩායම හැරෙන්ට අන් සියලු රටවල් පාකිස්තානයේ තරග සංචාර සඳහා සහභාගිවීම ප්‍රතික්ෂේප කළේය.
නමුත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාකිස්තානු සභාපති මමිනුල් හුසේන් අතර චීනයේදී පැවැති සාකච්ඡා වලදී ජනපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානු සංචාරයක් කළ යුතු බවයි.
මෙයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස පාකිස්තානු - ශ්‍රී ලංකා තරගාවලියකට සත්කාරය දැක්වීමට පාකිස්තානය සූදානම් වෙයි.
'The Kooza' වෙබ් අඩවිය ඇසුරෙනි