ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද (16දා) සාජාහිදී ආරම්භ වූ තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු 5 ක් දැවී ලකුණු 220 ක් රැස්කරගෙන සිටියේය.
හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක නොබිඳුණු සබඳතාවක් පවත්වාගෙන සිටින නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 24 ක් හා ප්‍රසන්න ජයවර්ධන ලකුණු 28 ක් රැස්කරගෙන සිටියි.
ප්‍රසන්න ජයවර්ධන මෙම තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 2000 (2005) කඩඉම පසුකිරීමට සමත් වූ අතර, එය ශ්‍රී ලංකා කඩුලු රකින්නෙකු එම කඩඉම පසුකළ දෙවැනි අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය.
පසුගිය තරගයේදී දක්ෂතා අතර සිටි නුවන් ප්‍රදීප් මෙම තරගයේදී විවේක ගන්වා තිබූ අතර, ඒ වෙනුවට දිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබිණි. පානදුර ශ්‍රී සුමංගල විදුහලේ ආදිශිෂ්‍යයෙකු වන දිල්රුවන් ශ්‍රී ලංකාවෙන් බිහි වූ 125 වැනි ක්‍රීඩකයා වෙයි.
ශ්‍රී ලංකාව පළමු ඉනිම 220/5 (පන්දුවාර 90)
ප්‍රසන්න ජයවර්ධන (නොදැවී) 28 (පන්දු 60, 4x2)
ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී) 24 (පන්දු 90, 4x1)
කුමාර් සංගක්කාර 52 (පන්දු 103, 4x5)
මහේල ජයවර්ධන 47 (පන්දු 108, 4x5, 6x2)
දිමුත් කරුණාරත්න 34 (පන්දු 93, 4x2,6x1)
කෞෂාල් සිල්වා 17 (පන්දු 46, 4x1)
පාකිස්තානය පන්දු යැවීම
සයීඩ් අජ්මාල් 62/2 (පන්දුවාර 29)
අබ්දුල් රෙහමාන් 45/1 (පන්දුවාර 24)
මොහොමඩ් තල්හා 64/1 (පන්දුවාර 20)
ජුනයිඩ් ඛාන් 44/1 (පන්දුවාර 17)