සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජය කර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ඊයේ (17දා) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 75ක ජයක් ලැබීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත්විය.
ඉකුත් බ්‍රහස්පතින්දා (14දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 99.2කදී සියල්ලන් දැවී ලකුණු 339ක් රැස්කිරීමට සමත්විය. කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 79.1ක් අවසනදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 272ක් පමණි.
ලකුණු 67ක වාසියත් සමඟ නැවතත් දෙවැනි ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 79.1කදී සියල්ලන් දැවී ලකුණු 215ක් රැස්කිරීමට සමත්විය. කෙසේ නමුත් ජයග්‍රහණය සඳහා ලකුණු 283ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට සිය දෙවැනි ඉනිමේදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 207ක් පමණි.
සමස්ත තරගාවලිය පුරා කඩුලු 10ක් දවාලමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පාකිස්තාන කණ්ඩායමේ යසීර් ෂා තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය. මෙම ජයග්‍රහණයත් සමඟ තරග හතරකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තානයට හැකිවිය.