දෙවැනි ලෝක යුද්ධය ආරම්භවීමට මත්තෙන් පළමු පෙළ ක්රිකට් ක්රීඩා කර, ලෝකයේ ජීවත්ව සිටින ක්රිකට් ක්රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙකු වන ලියෝ හැරිසන් අභාවප්රාප්ත වී තිබේ. එංගලන්ත පළමු පෙළ ක්රිකට් ක්රීඩකයෙකු වන ලියෝ හැරිසන් මිය යනවිට94 වැනි වියේ පසු විය.
යුරෝපය දෙවැනි ලෝක යුද්ධයට සූදානම් වන එනම් 1939 වසරේදී හැම්ප්ෂයර් කණ්ඩායම හරහා ලියෝ සිය පළමු පෙළ ක්රීඩා දිවිය ආරම්භ කළේය. ලියෝ පළමු පෙළ තරග 396ක් ක්රීඩා කර තිබේ.
දෙවැනි ලෝක යුද්ධය ආරම්භවීමෙන් පසු ඔහු රාජකීය ගුවන් හමුදාවට සේවය කිරීමට එක්වුවද ගුවන් නියමුවෙකු වීම සඳහා පැවැති ඇස් පරීක්ෂණයෙන් ඔහු අසමත්විය. කෙසේ වෙතත් ඔහු රාජකීය ගුවන් හමුදාවට සේවය කළ අතර,උපැස් යුවළක් පැලඳ ඔහු ක්රිකට් ක්රීඩාවේද නිරත විය.
ලෝකයේ මෙන්ම එංගලන්තයේ ජීවත්ව සිටින වයස්ගතම පළමු පෙළ ක්රිකට් ක්රීඩා කළ ක්රීඩකයා වන්නේ ජෝන් මැනර්ස්ය. ඔහු 102 වැනි වියේ පසුවෙයි. එසේම එම්.සී.සී. ක්රීඩා සමාජයේ වයස්ගතම සාමාජිකයා වන්නේද ජෝන්ය.