හිටපු ටෙස්ට් ක්‍රිකට් විනිසුරුවරයෙකු වෙන ඩැරල් හෙයා ඔහුගේ ව්‍යවසායකයාගෙන් මුදල් සොරකම් කිරීමේ වරදක් සම්බන්ධයෙන් වරදකරුවෙකු බවට පත්ව ඇත.
පෙබරවාරි 25ත් අප්‍රේල් 28ත් අතර කාලයේදී ඔහු සිය ව්‍යාපාරිකයාගේ සාප්පුවකින් ඩොලර් 9005.75ක් සොරකම් කර තිබේ.
කෙසේ වෙතත් මෙම මුදල් ඩැරල් හෙයා විසින් ආපසු ව්‍යාපාරිකයාට ගෙවා ඇත. ඔහු සූදුව සඳහා ඇබ්බැහි වීම හේතුවෙන් මෙසේ මුදල් සොරකම් කර ඇති බව හෙළිව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් දඟ පන්දු යවන ක්‍රීඩක මුරලිදරන්ට පන්දුව දමා ගසන බවට ඩැරල් හෙයා චෝදනා කිරීම ක්‍රිකට් පිටියේ සිදූ වූ මතභේදාත්මක සිදුවීමක් විය.