චැම්පියන්ස් ලීග් පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 'බී' කාණ්ඩය යටතේ ඊයේ (28දා) පැවැති තරග දෙකකින් ජයග්‍රහණ වාර්තා කිරීමට කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම හා හොබාර්ට් හරිකෙනේස් කණ්ඩායම් සමත් විය.
එම ජයග්‍රහණත් සමගින් පංජාබ් කණ්ඩායම මුහුණදුන් තරග හතරම ජයගෙන අපරාජිතව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත් අතර, හරිකෙනේස් කණ්ඩායම තරග තුනක් ජයගෙන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේය.
එම කණ්ඩායම්වලට අමතරව මෙම කාණ්ඩයෙන් තරග කළ දකුණු අප්‍රිකාවේ කේප් කෝබ්රාස්, නවසීලන්තයේ නොදන් නයිට්ස් එක් තරගය බැගින් ජයගත් අතර, බටහිර ඉන්දීය කොදෙව්හි බාබඩොස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම මුහුණදුන් තරග තුනම පරාජයවිය.
මෙහි 'ඒ' කාණ්ඩයෙන් තරග කරන කොල්කටා නයිට් රයිඩර්ස් මුහුණදුන් තරග තුනම ජයගෙන එම කාණ්ඩයේ පෙරමුණගෙන සිටියි. ඒ අනුව අද (29දා) රාත්‍රියේ පැවැත්වීමට තිබූ තරගයේ ප්‍රතිඵලය ඔවුන්ට අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට බාධාවක් නොවේ. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පසුවන අතර, මුහුණදුන් තරග සියල්ලෙන් (4) තරග දෙකක් ජයගෙන එක් තරගයක් පරාජයවී හා විසඳුමකින් තොරව අවසන්ව ඇත.
පංජාබ් කඩුලු හතක ජයක් ලබයි
දකුණු අප්‍රිකාවේ කේප් කෝබ්රාස් කණ්ඩායම පරාජය කර මොහාලිහි පංජාබ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (28දා) රාත්‍රියේ පැවැති තරගයෙන් කඩුලු හතක ජයක් ලැබීමට කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් කේප් කෝබ්රාස් කණ්ඩායම පන්දුවාර 18.3 ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 135 ක් රැස්කිරීමට සමත් විය. ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසි රිචඩ් ලෙවි (42) හා හෂිම් අම්ලා (40) කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර, පළමු කඩුල්ල ලෙස අම්ලා දැවී යනවිට කෝබ්රාස් කණ්ඩායම පන්දු වාර 6.3 ක් අවසානයේ ලකුණු 60 ක් රැස්කර ප්‍රබල තත්ත්වයක පසුවිය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පංජාබ් කණ්ඩායම ලකුණු 139ක් රැස්කරමින් තරගයේ 18.1 වැනි පන්දුවේදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය. රිද්දිනම් සහා නොදැවී ලකුණු 42 ක් රැස්කළේය. 3/15 ලෙස කඩුලු දවාලමින් කෝබ්රාස් ඉනිම පාලනය කළ ආක්ෂර් පටෙල් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
කේප් කෝබ්රාස් 135/10 (පන්දුවාර 18.3)
රිචඩ් ලෙවි 42 (පන්දු 37, 4x2, 6x3)
හෂිම් අම්ලා 40 (පන්දු 22, 4x7, 6x1)
අක්ෂර් පටෙල් 3/15 (පන්දුවාර 4)
අනුරීට් සිං 3/12 (පන්දුවාර 2.3)
පංජාබ් 139/3 (පන්දුවාර 18.1)
රිද්දිහිනම් සහා 42* (පන්දු 35, 4x3, 6x1)
මනන් වොහාරා 23 (පන්දු 15, 4x4)
ග්ලෙන් මැක්ස්වෙල් 23 (පන්දු 19, 6x2)
රොබින් පීටර්සන් 2/19 (පන්දුවාර 4)
හොබාර්ට් කඩුලු හයක ජයක් ලබයි
බටහිර ඉන්දීය කොදෙව්හි බාබඩොස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම පරාජය කර මොහාලිහි පන්ජාබ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පෙරේදා (28දා) සන්ධ්‍යාවේ පැවැති තරගයෙන් කඩුලු හයක ජයක් ලබාගැනීමට ඔස්ට්‍රේලියාවේ හොබාර්ට් හරිකෙනේස් කණ්ඩායම සමත් විය.
ලකුණු 114 ක පහසු ඉලක්කයක් හඹාගිය හොබාර්ට් පිතිකරුවෝ තරගයේ 18.2 වැනි පන්දුවේ දී ලකුණු 117ක් ලබාගනිමින් ජයග්‍රහණය සම්පූර්ණ කළේය.
පළමුව පන්දුවට පහරදුන් බාබඩොස් කණ්ඩායමට පන්දුවාර 19.4 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 113 ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ සැවියර් ඩොහර්ති කඩුලු 4ක් දවාළූ අතර, ඒ හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේය.
බාබඩොස් ට්‍රයිඩෙන්ට්ස් 113/10 (පන්දු වාර 19.4)
ජොනතාන් කාටර් 42 (පන්දු 34, 4x3, 6x2)
ඩිල්ශාන් මුණවීර 18 (පන්දු 16, 4x4)
අකීල් හුසේන් 12 (පන්දු 10, 4x1, 6x1)
සැවියර් ඩොහර්ති 4/27 (පන්දු වාර 4)
බෙන් හිල්ෆෙන්හැවුස් 2/14 (පන්දු වාර 4)
ඩග් බොලින්ජර් 2/27 (පන්දු වාර 4)
හොබාර්ට් හරිකෙනේස් 117/4 (පන්දුවාර 18)
ශොයිබ් මලික් 39* (පන්දු 35, 4x3)
ජොනතාන් වෙල්ස් 23* (පන්දු 17, 4x1, 6x1)
ඒඩියන් බිලිසාර්ඩ් 21 (පන්දු 24, 4x3)