(VIDEO) ලෝක කුසලානයේ සිය ගමන අවසන් කළ කොළොමිබියානු ක්රීඩක ජුඅාන් සුංගාට සමාව දෙමින් ඔහුව වැළඳ ගැනීමට බ්රසීල කණ්ඩායමේ නව නායක මෙන්ම එහි සුපිරි ක්රීඩක නේමාර්ද සිල්වා කටයුතු කරනු ලැබීය.
කොළොම්බියා කණ්ඩායම හා බ්රසීල කණ්ඩායම අතර මියාමිහි ඊයේ (06දා) පැවැති මිත්ර පාපන්දු තරගයකදී මෙම සිදුවීම සිදුවිය. නේමාර් ආබාධය සුව වීමෙන් පසුව එක් වූ පළමු තරගය මෙන්ම, බ්රසීල නව පුහුණුකරු දුන්ගාගේ පළමු තරගයද මෙය විය.
තරගයේ 83 වැනි විනාඩියේදී නිදහස් පහරක් සාර්ථක කර ගනිමින් බ්රසීල කණ්ඩායමට ජය ගෙන දීමටත් නේමාර් කටයුතු කරනු ලැබීය.
සුන්ගා හා නේමාර් එකිනෙකා වැළඳ ගැනීම
නේමාර්ගේ ලෝක කුසලාන ගමන අවසන් කළ සුන්ගාගේ පා පහර