නිලූක කරුණාරත්න විවෘත පිරිමි ශූරතාවත් අචින් රත්නසිරි එහි කාන්තා ශූරතාවත් දිනාගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පළමු වරට සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය පසුගිය පසුගියදා (14දා) තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී නිමාවට පත්විය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කගේ පමණ සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ කේවල පිරිමි අනුශූරතාව දිනූක කරුණාරත්න විසින් දිනාගත් අතර, කවිදි ඉශාදිකා එහි කාන්තා අනුශූරතාව දිනාගත්තාය.
පිරිමි යුගල ශූරතාව නිලූක කරුණාරත්න සහ දිනූක කරුණාරත්න විසින් දිනාගත් අතර, හසිත චානක සහ රජිත් දහනායක එහි අනුශූරතාව දිනාගත්හ. අචිනි රත්නසිරි සහ උපුලි වීරසිංහ පරාජය කර යුගල කාන්තා ශූරතාව කවිදි ඉෂාදිකා සහ ඕෂදී කුරුප්පු විසින් දිනාගත් අතර, දිනූක කරුණාරත්න සහ ඕෂදී කුරුප්පු මිශ්‍ර යුගල ශූරතාව දිනාගත්හ. එහි අනුශූරතාව හසිත චානක සහ කවිදි ඉෂාදිකා දිනාගත්හ.
මෙම තරගාවලියට සමගාවීම ප්රවීණයන්ගේ තරගයක්ද පැවැති අතර, එම තරගයන්හි කේවල පිරිමි ශූරතාව උපේන්ද්‍ර ජයවර්ධන විසින්ද අනුශූරතාව සුභාෂ් ජානක විසින්ද දිනාගත් අතර, එහි කේවල ශූරතාව ඉනෝකා ජයලත් විසින් හා අනුශූරතාව අනූෂා සේනාරත්න විසින් දිනාගනු ලැබීය.
යුගල පිරිමි ශූරතාව උපේන්ද්‍ර ජයවර්ධන සහ සුභාෂ් ජානක විසින් දිනාගත් අතර, අනුශූරතාව නිහාල් අමරසේන සහ ජානක ගමගේ විසින් දිනාගනු ලැබූහ. එහි කාන්තා ශූරතාව ලක්ෂ්මි පුංචිහේවා සහ ඉනෝකා රුහුණුආරච්චි දිනාගත් අතර, අනුශූරතාව ඉනෝකා ජයලත් සහ තුෂාරි බ්රාහ්මනගේ දිනාගත්හ.