එළඹෙන අන්තර්සමාජ ලීග් රග්බි තරගවාරය (2017/2018) සඳහා යුද හමුදා කණ්ඩායමේ ප්රධාන පුහුනුකරු ධුරයට නිලුෆර් ඊබ්රහීම් මහතා පත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
මේ පිළිබඳ ඊබ්රහීම් මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ ඉදිරියේදි සිය පුහුණුකාරීත්වයට අදාළව කණ්ඩායම සමගින් ගිවිසුම්ගත විමට නියමිත බවයි.
නිලුෆර් ඊබ්රාහිම් මහතා පසුගිය 2015/2016 රග්බි තරගවාරයේදී නාවික හමුදා කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙසින්ද කටයුතු කළ අතර ඊට පෙර 2007, 2008 කාළ සීමාවේදී මහනුවර ක්රීඩා සමාජයේ සත් සාමජික කණ්ඩායමේ පුහුණුකරු ලෙසින්ද කටයුතු කොට ඇත.
එමෙන්ම මේ වන විට හෙතෙම කොළඹ ශා. ජෝශප් විදුහලේ ප්රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන අතර එම තනතුරේද ඉදිරියේදී රැදී සිටින බව හෙතෙම අප කළ විමසුමකදී පැවසීය.
කෙසේ වෙතත් පසුගිය තරගවාරයේදී යුද හමුදා කණ්ඩායම තරගාවලියේ තරග 14 කට සහභාගි වෙමින් ඉන් තරග 5 ක පමණක් ජය හිමි කර ගත්තේ අවසන් ප්රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානය හිමි කර ගනිමිනි.