ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නිලවරණයක් 2016 ජනවාරි මසදී පැවැත්වීමට සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා තීරණය කර තිබුණත් ඊට ප්‍රථමව නිලවරණය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන උපාලි ධර්මදාස මහතා සඳහන් කරයි.
මේ පිළිබඳව පසුගියදා (12දා) සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා සමග පැවැති සාකච්ඡාවේදීද අවධානය යොමු කළත් එහිදීද එකඟතාවකට පත්වීමට නොහැකිවූ බව ඒ මහතා සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ ක්‍රීඩා සංගම් හා සමාජයන්හි නියෝජිතයන් සමග සාකච්ඡා කර නැවතත් ඇමතිවරයා දැනුවත් කිරීමට තීරණයක් ගත් බවත් ඒ අනුව එම හමුව අද (19දා) පස්වරු 4.00 කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේදී පැවැත්වීමට නියමිත බවත් හිටපු සභාපතිවරයා අදාළ පාර්ශ්වයන්ට ලිපියක් යොමු කරමින් දන්වා සිටියි.
මෙහිදී ගන්නා තීරණය පිළිබඳව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා දැනුවත් කිරීමට නියමිත බවද හිටපු සභාපතිවරයා සඳහන් කරයි.
සංචාරක හා ක්‍රීඩා ආමාත්‍ය නවීන් දිසානයක මහතා සමග පසුගිය 12 දා පැවැති සාකච්ඡාවේදී, අමාත්‍යවරයා අදාළ පාර්ශ්වයන්ට දැනුම් දුන්නේ නිලවරණය 2016 වසරේ ජනවාරී මසදී පැවැත්වෙනු ඇති බවයි.