චීනයේ වුහැන්හිදී පැවැත්වෙන 21 වැනි ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේ පළමු පදක්කම ශ්රී ලංකාවට දිනාදීමට නිමාලි ලියනාරච්චි අද (07දා) සමත්වූවාය. මීටර 800 කාන්තා අවසන් තරගයට ක්රීඩා කළ නිමාලි එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් අතර, තරගය අවසන් කිරීම සඳහා ඇය වි. 2.03.94 ක කාලයක් ගතකළාය. මෙය ඇගේ පෞද්ගලික හොඳම කාලයද විය.
ඇයට අමතරව ගයන්තිකා අබේරත්න මෙම තරගයකට ක්රීඩාකළද ඇයට ශ්රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනාගැනීමට නොහැකිවිය.