ශ්‍රී ලංකාවට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයද ජයගෙන තරගාවලිය තරග 2 – 0 ක් ලෙස ජයගැනීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 47 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 189 ක පහසු ඉලක්කයකට පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටි නවසීලන්ත කණ්ඩායම සිව්වැනි දිනට අද (20දා) තරගය නතරකරන විට කඩුලු 05 ක් දැවී ලකුණු 142 ක් රැස්කරගෙන සිටියේය.
තරගයේ තෙවැනි දිනට ඊයේ (19දා) තරගය නතර කරන විට තම පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 09 ක් දැවී ලකුණු 232 ක් රැස්කරගෙන සිටි අතර, අද (20දා) දිනයේ ඔවුන් ලකුණු 237 කට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
ඒ අනුව ලකුණු 55 ක වාසියත් සමගින් දෙවැනි ඉනිම ආරම්භකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. කෙසේ නමුත් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 133 කට සීමාකිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.
හැමිල්ටන්හි සෙඩන් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ඉකුත් සිකුරාදා (18දා) ආරම්භ වූ අතර, නවසීලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 292 ක් රැස්කිරීමට සමත්විය. හෙට (21දා) තරගයේ අවසන් දිනයයි.
ශ්‍රී ලංකාව පළමු ඉනිම 292/10 (පන්දුවාර 80.1)
ඇන්ජලෝ මැතිව්ස් 77 (125, 4x7, 6x3), මිලින්ද සිරිවර්ධන 62 (81, 4x5, 6x3), කුසල් මෙන්ඩිස් 31 (42, 4x4), උදාර ජයසුන්දර 26 (54, 4x2),
ටිම් සවුති 3/63 (21), ට්‍රේන්ට් බෝල්ට් 2/51 (20), ඩග් බ්රැස්වෙල් 2/81 (22.1)
නවසීලන්තය පළමු ඉනිම 237/10 (පන්දුවාර 79.4)
මාටින් ගප්ටිල් 50 (77, 4x9, 6x1), මිචෙල් සැන්ට්නර් 38 (105, 4x3, 6x1), ඩග් බ්රැස්වෙල් නොදැවී 35 (52, 4x5), ටොම් ලේතම් 28 (72, 4x3, 6x1), බී.ජේ. වොට්ලින් 28 (82, 4x4), දුෂ්මන්ත චමීර 5/47 (13), රංගන් හේරත් 2/75 (22), නුවන් ප්‍රදීප් 2/75 (17.4)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 133/10 (පන්දුවාර 36.3)
කුසල්මෙන්ඩිස් 46 (90, 4x8), දිමුත් කරුණාරන්න 27 (65, 4x1), මිලින්ද සිරිවර්ධන 26 (18, 4x3, 6x2), ටිම් සවුති 4/26 (12.3), නීල් වැග්නර් 3/40 (9),
ඩග් බ්රැස්වෙල් 2/31 (8)
නවසීලන්තය දෙවැනි ඉනිම 142/5 (පන්දුවාර 42)
කේන් විලියම්සන් නොදැවී 78 (120, 4x7, 6x1), රොස් ටේලර් 35 (53, 4x1), බ්‍රෙන්ඩන් මැකලම් 18 (35, 4x2), දුෂ්මන්ත චමීර 4/45 (13),
සුරංග ලක්මාල් 1/19 (10)