ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නව වේග පන්දු පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත්කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
ඉන්දියාවට එරෙහිව ශ්රී ලංකා කණ්ඩායම ලබාගත් පළමු ටෙස්ට් තරගාවලි ජයග්රහණයේ සුවිෂේශී සේවයක් කළ රුමේෂ් එහිදී කඩුලු 20ක් දවා ගැනීමට සමත්විය.
53 හැවැරදි රුමේෂ් රත්නායක මහතා වේග පන්දු පුහුණුකරු වශයෙන් පත්කළේ හිටපු වේග පන්දු පුහුණුකරු වූ චම්පක රාමනායක මහතා එම ධුරයෙන් ඉවත්වීම හේතුවෙනි.
ඒ අනුව වැඩ බලන වේග පන්දු පුහුණුකරු වශයෙන් චමින්ද වාස් කටයුතු කරයි.