ආබාධයකට ලක්ව සිටින වේගපන්දු යවන ක්රීඩක ධම්මික ප්රසාද් වෙනුවට විශ්ව ප්රනාන්දු නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙක සඳහා සංචිතයට ඇතුළත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් තේරිම් කමිටුව කටයුතු කොට තිබේ.
ධම්මික ප්රසාද්ට කොන්දේ ආබාධයක් ඇතිව තිබෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි. තරග දෙකකින් සමන්විත නවසීලන්ත - ශ්රී ලංකා ටෙස්ට් තරගාවලිය එළැඹෙන 10 දා ඩුනේඩීන්හිදී ආරම්භ වීමට නියමිතය.