ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ආන්ද්‍රා ප්‍රදේශ අධිකරණයක් විසින් නිකුත් කර තිබේ.
හින්දූන්ගේ අගමික හැඟීම් පීඩාවට පත්කිරීමේ චෝදනා යටතේ මෙසේ දෝනිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කර තිබේ. දෝනිව එළඹෙන ජූලි 16 වැනිදා උසාවියට ඉදිරිපත් කරන ලෙසද අධිකරණය පොලීසියට උපදෙස් දී තිබේ.
ඉන්දීය සඟරාවක 2013 වසරේ අප්‍රේල් මස නිකතුවේ හින්දු දෙවියන් මෙන් සැරසුණු රූපයකට දෝනි පෙනීසිටීම මේ සඳහා ආසන්නතම හේතුව වී තිබේ.
හින්දුස්ථාන්ටයිම්ස් ඇසුරෙනි