තම කීර්තිනාමයට හානිවන අයුරින් ඉන්දියාවේ ‘සී’ (ZEE) රූපවාහිනී ජාලය විසින් ප්රවෘත්ති ඉදිරිපත් කළ බව පවසා ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි 100 ක වන්දියක් ඉල්ලමින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි මැඩ්රාස් අධිකරණයේ නඩු පවරා තිබේ.
ඒ අනුව තම නමට හානිවන අයුරින් එම රූපවාහිනී ජාලය විසින් සම්මුඛ සාකච්ඡා මෙන්ම ප්රවෘත්ති විකාශ සිදුකිරීම අත්හිටුවීමේ නියෝගයක් ලබාගැනීමටද දෝනි කටයුතු කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ සිදු වූ බව කියන තරග පාවාදීම් සඳහා දෝනිද සම්බන්ධ බවට ‘සී’ රූපවාහිනී ජාලය විසින් තොරතුරු වාර්තා කිරීමට එරෙහිව දෝනි මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.