සංජීව ධර්මසේන
(පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට)
(Update) - ප.ව. 2.30
දෙවැනි දිනටත් වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් තරගය තාවකාලිකව මේ වනවිට නවතා ඇත. කෙසේ නමුත් වර්ෂාව ඇඳහැලීමට ආසන්නව තිබියදී කුසල් ජනිත්ගේ කඩුල්ලද ශ්‍රී ලංකාවට අහිමි විය.
තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 2.2 අවසනදී එක් කඩුල්ලක් දැවී ලකුණු 06ක් රැස්කරගෙන ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 80ක් පසුපසින් සිටියි.
ශ්‍රී ලංකා දෙචැනි ඉනිමේ වෙනසක් කරමින් ආරම්භක පිතිකරුවන් ලෙස කෞෂාල් සිල්වා සමගන් කුසල් ජනති ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසියේය.
පල්ලෙකැලේ අහස අදුරු වෙයි
ප.ව. 2.20
සුපුරුදු පරිදි තරගයේ දෙවැනි දිනටත් වර්ෂාවෙන් බාධා එල්ලවන අයුරු පෙනෙන්න තිබේ. මේ වනවිට ක්‍රීඩාංගණයට දැඩි ආලෝක තත්ත්වයක් තිබුණද, ක්‍රීඩාංගණයට වටා අහස අදුරුවෙමින් තිබේ. ඒ අනුව අද දිනයේදීද වර්ෂාවෙන් බාදා එල්ලවී නියමිත වේලාවට පෙර තරගය අවසන් කිරීමට සිදුවනු ඇතැයි අනුමාන කළ හැක.
ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 203කට සීමාවෙයි
ප.ව. 2.15
ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගෙන් වැඩි සහයෝගයක් ලබාගනිමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 203කට සීමාකිරීමට ශ්‍රී ලංකාව දැන් සමත්විය. කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 86ක් ඉදිරියෙන් සිටියි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් රංගන හේරත් හා නවක ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් කඩුලු 04 බැලින් බිදලීමට සමත්වූ අතර, නුවන් ප්‍රදීප් කඩුලු 02ක් බිඳලීය.
ඔස්ට්‍රේලියාව ලකුණු 29ක් ඉදිරියෙන්
ප.ව. 12.00
දිවා ආහාරය සඳහා තරගය මේ වනවිට තරගය නවතා ඇති අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 57ක් අවසනදී කඩුලු 06ක් දැවී ලකුණු 146ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 29ක් ඉදිරියෙන් සිටියි.
සඳකැන් කුළුදුල් ටෙස්ට් කඩුල්ල ලබාගනියි
පෙ.ව. 11.25
මිචෙල් මාෂ් දවාගනිමින් තම කුළුදුල් ටෙස්ට් කඩුල්ල ලබාගැනීමට ලක්ෂාන් සඳකැන් දැන් සමන්විය. ලකුණු 31ක් රැස්කරගෙන සිටි මාෂ්, පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.
මේ වනවිට ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 46ක් අවසනදී කඩුලු 05ක් දැවී ලකුණු 135ක් රැස්කරගෙන සිටියි. නොදැවී කඩුල්ලේ රැදී සිටින ඇඩම් වෝගස් ලකුණු 30ක් රැස්කරගෙන සිටියි. මාෂ් - වෝගස් පස්වැනි කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වූහ.
ඔස්ට්‍රේලියාව 113/4
පෙ.ව. 10.55
සිසිල් පැන් පානය සඳහා මේ වනවිට තරගය නවතා ඇති අතර, පන්දුවට පහර දෙමින් සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 114ක් රැස්කරගෙන සිටියි. නොදැවී කඩුල්ලේ රැදී සිටින ඇඩම් වෝගස් ලකුණු 19ක් හා මිචෙල් මාෂ් ලකුණු 26ක් රැස්කරගෙන සිටියි. ඔවුන් දෙදෙනා පස්වැනි කඩුල්ලට ලකුණු 44ක සබඳතාවක් ගොඩනගා සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම අභිබවා යාමට අවශ්‍යයව ඇත්තේ තවත් ලකුණු 04ක් පමණි.
රංගන ඔස්ට්‍රේලියානු ඉනිම මෙල්ල කරයි
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැවත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි අදයි.
තරගයේ පළමු දිනට ඊයේ (26දා) තරගය නතර කරන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 20ක් අවසනදී කඩුලු 02ක් දැවී ලකුණු 66ක් රැස්කරගෙන සිටියේය. නොදැවී කඩුල්ලේ රැදී සිටි නායක ස්ටීවන් ස්මිත් ලකුණු 28ක් උස්මාන් කවජා ලකුණු 25ක් රැස්කරගෙන යම් ස්ථාවරත්වයක් ගොඩනගමින් සිටියේය.
කෙසේ නමුත් අද දිනයේදී එම කඩුලු ද්විත්වයම අහිමිකිරීමට රංගන හේරත් සමත්විය. ඔස්ට්‍රේලියානු ඉනිමට එක් ලකුණක් එක්වන විට නායක ලකුණු 30ක් රැස්කරගෙන සිටි ස්ටීවන් ස්මිත්, හේරත්ගේ පන්දුවක් හමුවේ ස්ටප් කිරීමකට හසුකර ගැනීමට සමත්විය. ඉන් අනතුරුව උස්මාන් කවජාටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදීමට නොහැකිවූ අතර, ඔහුද රංගනගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව පිටියෙන් ඉවත්ව ගියේය. කවජා දැවී යනවිට ලකුණු 26ක් රැස්කරගෙන සිටියේය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට පන්දුවාර 27ක් අවසනදී කඩුලු 04ක් දැවී ලකුණු 86ක් රැස්කරගෙන සිටියි. නොදැවී කඩුල්ලේ රැදී සිටින ඇන්ම් වෝගස් ලකුණු 04ක් හා මිචෙල් මාෂ් ලකුණු 143ක් රැස්කරගෙන සිටියි.