සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර බංග්ලාදේශයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 105ක් රැස්කරගෙන සිටියි.
කුසල් මෙන්ඩිස් (64), රොෂේන් සිල්වා (05) නොදැවී පිටියේ රැඳී සිටිති. දිමුත් කරුණාරත්න (3), ධනංජයද සිල්වා (19), ධනුෂ්ක ගුණතිලක (13) හා නායක දිනේෂ් චන්දිමා් (0) දැවී ගිය පිතිකරුවෝ වෙති.
වසර හතරකට පසුව ටෙස්ට් තරගයකට ක්රීඩා කරන අබ්දුර් රසාක් ලකුණු 24ට කඩුලු 3ක් දවාගත්තේය.