දිවා ආහාරය වන විට ශ්රී ලංකාව 440/7
ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර චිතගොන්හිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ පළමු ඉනිම ක්රීඩා කරමින් සිටි ශ්රී ලංකා කණ්ඩායම දෙවැනි දින (5දා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 440ක් රැස්කරගෙන සිටියේය. නොදැවී කඩුල්ලේ රැඳී සිටින කුමාර් සංගක්කාර ලකුණු 223ක් හා අජන්ත මෙන්ඩිස් ලකුණු 13ක් රැස්කරගෙන සිටියි.
අද උදෑසන පළමු කඩුල්ල ලෙස මුළු ලකුණු 402දී ලකුණු 35ක් රැස්කරගෙන සිටි කිත්රුවන් විතානගේ නසීර් හුසේන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. ඉන් අනතුරුව පිටියට එක්වූ දිල්රුවන් පෙරේරාටද රැස්කිරීමට හැකිවූයේ එක් ලකුණක් පමණි. පන්දු 3කට පමණක් මුහුණදුන් ඔහු ශකීම් අල්හසන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.
ශ්රී ලංකාව 440/7 (පන්දුවාර 123)
කුමාර් සංගක්කාර 223* (පන්දු 355, 4x25, 6x3)
අජන්ත මෙන්ඩිස් 13* (පන්දු 25, 4x2)
මහේල ජයවර්ධන 72 (පන්දු147, 4x6)
දිමුත් කරුණාරත්න 31 (පන්දු 61, 4x4)
දිනේෂ් චන්දිමාල් 27 (පන්දු 38, 4x2, 6x1)
කෞෂාල් සිල්වා 11 (පන්දු 46)
ඇන්ජලෝ මැතිව්ස් 5 (පන්දු 12, 4x1)
බංග්ලාදේශය පන්දු යැවීම
ශකීබ් අල්හසන් 90/3 (පන්දුවාර 21)
අල් අමීන් හුසේන් 67/1 (පන්දුවාර 23)
සොහැග් ගාසි 135/1 (පන්දුවාර 37)
මහමදුල්ලා 101/1 (පන්දුවාර 31)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

