(UPDATE) - ප.ව. 4.00
අඳුරු ආලෝකය හේතුවෙන් තරගය මේ වනවිට නවතා ඇත. තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 80ක් අවසනදී කඩුලු 06ක් දැවී ලකුණු 282ක් රැස්කරගෙන සිටියි.
නොදැවී කඩුල්ලේ රැදී සිටින කුසල් මෙන්ඩිල් ලකුණු 169ක් හා ඩිල්රුවන් පෙරේරා ලකුණු 05ක් රැස්කරගෙන සිටින අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානු පළමවු ඉනිමට වඩා ලකුණු 196ක් පසු පසින් සිටියි.
කුසල් වාර්තාගත ලකුණු 150ක් ලබයි
ප.ව. 2.55
තම ක්‍රිකට් දිවියේ ලකුණු 150 සීමාව පසුකිරීමට කුසල් මෙන්ඩිස් දැන් සමන්විය. ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවෙකු මෙරටදී ක්‍රීඩාකළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වේ. මීට පෙර ඔස්ට්‍රේලියානු කණ්ඩායම 1992 වසරේදී ශ්‍රී ලංකාවේ සිදුකළ තරග සංචාරයේ කොළඹ එස්.එස්.එස්. ක්‍රීඩාංගණයේ පැවති තරගයකදී ලකුණු 137ක් රැස්කිරීමට අසංක ගුරුසිංහ සමත්විය.
එමෙන්ම ඔස්ට්‍රේලියාවට එරෙහිව දෙවැනි ඉනිමේදී ලකුණු 150 සීමාව පසුකළ දෙවැනි පිතිකරුවා කුසල් වේ. මීට පෙර 2007 වසරේදී ඔස්ට්‍රේලියාවේ හොබාර්ට්හිදී පැවැති තරගයකදී කුමාර් සංගක්කාකර ලකුණු 192ක් රැස්කර ඇත.
තරගය මේ වනවිට තේ පැන් පානය සඳහා නතර කර ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 70ක් අවසනදී කඩුලු 05ක් දැවී ලකුණු 253ක් රැස්කරගෙන සිටියි. නොදැවී කඩුල්ලේ රැදී සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 157ක් (211) හා ධනංජය ද සිල්වා ලකුණු 24ක් (38) රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා පන්දුවාර 11.5කදී 06 වැනි කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් ගොඩනගා ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම වේ වනවිට ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 167ක් ඉදිරියෙන් සිටියි.
මේ වනවිට කාලගුණ තත්ත්වයද යහපත් වෙමින් තිබෙන අතර, ක්‍රීඩාංගණය ඉහළ පැහැදිලි අහසක් දිස්වේ. කෙසේ නමුත් ඈත කදු වළල්ලට ඉහළ අහස තවමත් යම් අදුරු තත්ත්වයක ඇත.
තෙවැනි දිනටත් වර්ෂාවෙන් බාධා එල්ල වන ලකුණු
ප.ව. 2.20
තරගයේ තෙවැනි දිනටත් වර්ෂාවෙන් බාධා එල්ල වන අයුරු මේ වනවිට පෙනෙන්නට තිබේ. ක්‍රීඩාංගණයට පසෙකින් ඇති කදු වලල්ලට ඉහළ අහස මේ වනවිට අදුරුවෙමින් තිබේ. ඒ අනුව පසුගිය දෙදින තුළදී මෙන්ම අද දිනයේද වර්ෂාව ඇඳහැලෙනු ඇතැයි අනුමාන කළ හැක.
ශ්‍රී ලංකා කණ්ඩායම වේ වනවිට පන්දුවාර 61ක් අවසනසදී කඩුලු 05ක් දැවී ලකුණු 212 රැස්කරගෙන සිටියි. නොදැවී කඩුල්ලේ රැදී සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 136ක් හා ධනංජය සිල්වා ලකුණු 04ක් ලබා සිටින අතර, ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 126ක් ඉදිරියෙන් සිටියි.
ශ්‍රී ලංකාව ලකුණු 30ක් ඉදිරියෙන්
ප.ව. 12.05
දිවා ආහාරය සඳහා මේ වනවිට තරගය නවතා ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38ක් අවසනදී කඩුලු 04ක් දැවී ලකුණු 116ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 30ක් ඉදිරියෙන් සිටියි.
නොදැවී කඩුල්ලේ රැදී සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 86ක් හා උපනායක දිනේෂ් චන්දිමාල් ලකුණු 07ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 05 වැනි කඩුල්ලට ලකුණු 30ක සබඳතාවක් ගොඩනගා ඇත.
කුසල් මෙන්ඩිස්
කුසල් අර්ධ ශතකය වාර්තා කරයි
පෙ.ව. 11.05
තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් දැන් සමත්විය. මෙම ටෙස්ට් තරගයේ පිතිකරුවෙකු රැස්කළ පළමු අර්ධ ශතකයද මෙය වේ.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20.1 අවසනදී ලකුණු 67 රැස්කරගෙන සිටියි. කඩුල්ලේ රැදී සිටින කුසල් ලකුණු 50 (63) හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 05ක් රැස්කරගෙන සිටියි.
දිමුත්ගේ ඉනිම අවසන් වෙයි
පෙ.ව. 10.00
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.
වර්ෂාව හේතුවෙන් ඊයේ (26දා) දිනයේ නියමිත වේලාවට පෙර තරගය අවසන් කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 06ක් රැස්කරගෙන සිටියේය. කෞෂාල් සිල්වා සමගින් කුසල් ජනිත් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ඊයේ දිනයේදීම කුසල්ගේ ඉනිම ශ්‍රී ලංකාවට අහිමි විය.
ඒ අනුව කෞෂාල් සමගින් දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, අද දිනයේ පන්දු තුනකට පමණක් මුහුණදුන් දිමුත්, ස්ටාර්ගේ දෙවැනි කඩුල්ල ලෙස ගොදුරු වෙමින් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව ලකුණු නොලබා පිටියෙන් ඉවත් ගියේය.
මේ වනවිට කෞෂාල් සමගින් කුසල් මෙන්ඩිස් පන්දුවට පහරදෙමින් සිටින අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 04ක් අවසනදී කඩුලු දෙකක් දැවී ලකුණු 06ක් රැස්කරගෙන සිටියි.