වර්තමාන දැල්පන්දු පරිපාලනයේ තිබෙන ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් දැල්පන්දු ක්‍රීඩාව යථා පරිදි කාර්යයක්ෂමව පවත්වාගෙන යාම සඳහා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 33 වැනි වගන්තියට අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල යටතේ දැල්පන්දු අතුරු කමිටුවක් පත්කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.
හිටපු සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා අතුරු පාලක කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කර ඇති අතර, ලේකම්වරිය ලෙස දැල්පන්දු ජාතික කණ්ඩායමේ හිටපු නායිකා දමයන්ති ජයතිලක පත්කර ඇත. සෙසු සාමාජිකාවන් ලෙස කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොල, රංජනී හේරත්, ලක්ෂ්මී කීර්තිනන්ද, තමාරා ලියනගේ, ඩබ්.එම්.එස්.කේ. යන අය පත්කර ඇත.