ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාට කුකිවොන් තයිකොන්ඩෝ මූලස්ථානය විසින් 7 වැනි ශ්‍රේණියේ තයිකොන්ඩෝ ගෞරව කළු පටියක් පිරිනමා තිබේ.
එම මූලස්ථානය විසින් කිසියම් රාජ්‍යයක ක්‍රීඩා අමාත්‍යවරයෙකුට ප්රදානය කරනු ලබන ගෞරව කළුපටිහි උපරිම ශ්‍රේණිය 6 වන අතර, දයාසිරි ජයසේකර මහතා වූෂු ක්‍රීඩාව ඇතුළු තවත් ආත්මාරක්ෂක සටන්ක්රම හදාරමින් පෙන්වා ඇති දක්ෂතා හේතුවෙන් පැවැත එන සම්ප්රදාය ඉක්මවා 7 වැනි ශ්‍රේණියේ කළු පටියක් ප්රදානය කිරීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයක් විය.
කොරියන් රජයේ ආරාධනය අනුව තෙදින නිල සංචාරයක එක්වූ අවස්ථාවේදී ඔහුට මෙම ගෞරව කළුපටිය ලැබී ඇත.