දත් වලින් වාර්තා තැබීමට සැරසෙන කාංචන
ලොව ශක්තිමත්ම දත් දෙපළට හිමි ගිනස් වාර්තාව පිහිටුවීමට ශ්‍රී ලංකාවේ ජනක කාංචන සූදානමින් සිටියි. ලොව ශක්තිමත්ම දත් දෙපළට හිමි වාර්තාවට මේ වනවිට හිමිකම් කියන්නේ රුසියානු ජාතිකයෙකි. ඔහු මි.මි.12 යකඩ කම්බි 12ක් දත්වලින් නවා තිබේ. කාංචන බිඳ හෙළීමට සූදානම් වන්නේ මෙම වාර්තාවයි.
වරාය අධිකාරියේ සේවය කරන කාංචන හෙට (06දා) ගිනස් වාර්තාව පිහිටුවීමට සූදානමින් සිටින අතර, එය මෝදර වරාය මහපොළ පුහුණු මධ්‍යස්ථානයේදී සිදුකිරීමටනියමිතය. කාංචන මීට ඉහතදීද මෙවැනි ආකාරයේ දක්ෂතා දක්වා තිබේ.
අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, දුමින්ද දිසානායක, හඟුරන්කෙත ශ්‍රී.ල.නි.ප. ප්‍රධාන සංවිධායක නාරද දිසානායක, ගිනස් වාර්තා පිළිබඳ නිලධාරීන් හා ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීහු මෙම අවස්ථාවට එක්වෙති.
වාහන 32ක් අතේ ඇගිලි වලින් අදිමින් ලෝකයේ ශක්තිමත්ම අතගිලි හිමි පුද්ගලයාට හිමි ගිනස් වාර්තාව හා ටොන් නමයක් බරති කෝච්චියක් වයස අවුරුදු 16දි අදිමින් අසියාවේ ළාබාලම ශක්තිවන්තයාට හිමි වාර්තාද කාංචන විසින් පිහිටුවා තිබෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




