ජාත්‍යන්තර ඔලිම්පික් සංගමයේ සාමාජිකත්වය ලබාගත් 206 වැනි රට ලෙස දකුණු සුඩානය ඉතිහාසයට එක්විය. ඔවුන් ඔලිම්පික් සාමාජිකත්වය ලබාගැනීමත් සමගම 2016 වසරේ රියෝහි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සඳහාත් සුදුසුකම් ලැබීය.
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව දකුණු සුඩානයට සාමාජිකත්වය ලබාදීම එකහෙළාම අනුමත කරනු ලැබීය.
සුඩානයෙන් වෙන්වූ දකුණු සුඩානය 2011 වසරේදී ස්වාධීන රටක් බවට පත්විය. දකුණු සුඩානය නියෝජනය කරමින් 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළට මැරතන් ක්‍රීඩක ගුඕර් මාරියල් සුදුසුකම් ලැබුවත් ඔහුට තරග කිරීමට සිදුවූයේ ඔලිම්පික් කොඩිය යටතේය.
නමුත් දකුණු සුඩානයට ඔලිම්පික් සාමාජිකත්වය හිමිවීමත් සමගම 2016 වසරේදී ඔවුන්ට සිය ජාතික කොඩිය යටතේ ඔලිම්පික් තරගාවලියට තරග කිරීමේ අවස්ථාව හිමිවෙයි.