දකුණු අප්‍රිකාවට පළමු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි ජය අත්කර දීමට එරට 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී පාකිස්තානු කණ්ඩායමට එරෙහිව කඩුලු හයක පහසු ජයක් ලබමිනි.
මෙම ජයග්‍රහණය දකුණු අප්‍රිකානු කණ්ඩායමක් විසින් ඕනෑම ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයකදී ලැබූ පළමු ජයග්රහණයද වෙයි.
කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්නේය.
පාකිස්තානු කණ්ඩායම 131/10 (පන්දුවාර 44.3)
දකුණු අප්‍රිකානු කණ්ඩායම 134/4 (පන්දුවාර 42.1)
ඡායාරූපය ICC ඇසුරෙනි.