එස්.එල්.පී.එල් තරගාවලිය හේතුවෙන් කල්දැමුණු දකුණු අප්රිකනු කණ්ඩායමේ ශ්රී ලංකා තරග සංචාරයේ ටෙස්ට් තරගාවලිය මේ වසරේ ජූලි මාසයේ සිදුකිරීමට දෙරටේ ක්රිකට් බලධාරීන් එකඟතාව පළකර ඇත.
මෙම ටෙස්ට් තරගාවලිය 2015 දක්වා කල්දැමීමට දෙරටේ බලධාරීන් තීරණය කර තිබුණත්, මෙම වසරේදී එය නැවත පැවැත්වීමට තීරණය කර ඇත. කෙසේවෙතත් කල්දැමුණු තරගාවලියට ටෙස්ට් තරග 03 ක් ඇතුළත්ව තිබුණත්, එය තරග 02 ක් දක්වා මෙවර අඩුකර, ඒ වෙනුවට එක්දින තරග තුනක් ඇතුළත් කර ඇත. තරගාවලිය පැවැත්වෙන නිශ්චිත දිනයක් තවමත් නම්කර නොමැත.
පසුගිය වසරේදී මෙම සංචාරයට ඇතුළත්ව තිබූ එක්දින හා පන්දුවාර විස්සයි20 තරග පැවැත්වූ අතර, එහි තරග 5කින් සමන්විට එක්දින තරගාවලියේ ජය 4-1 ලෙස ශ්රී ලංකාවටද, තරග 3කින් සමන්විතව තිබූ විස්සයි20 තරගාවලිය 2-1 ලෙස ජය දකුණු අප්රිකාවටද හිමිවිය.