ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය කර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අද (21දා) පැවැති සිවුවැනි හා අවසන් එක්දින තරගයන් කඩුලු පහක් ජයක් ලැබීමට සංචාරක දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග හතරකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ඔවුහු සමත් වූහ. මෙහි එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැරදැමීමට සිදුවිය.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43.4 අවසානයේ සියල්ලන් දැවි රැස්කිරීමට හැකිවූයේ ලකුණු 137ක් පමණි. එශානි ලොකුසූරිය රැස්කළ ලකුණු 46 හැරෙන්න වෙනත් පිතිකාරිණියකට තරගයක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා කණ්ඩායම රැගෙන යා හැකි ඉනිමක් ගොඩනැගීමට නොහැකිවිය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රාහී ලකුණු 138ක ඉලක්කය කඩුලු පහක් පමණක් දැවී පසුකර යාමට සමත්විය. ආරම්භක පිතිකාරිනී ත්‍රීශා චෙට්ටි ලකුණු 59ක් රැස්කළාය.