තොරතුරු දැන ගැනීමේ පනතට අනුව ජාතික ක්‍රිඩා සංචිත සඳහා ක්‍රීඩකයන් තොරා ගැනීම පිළිබඳව ක්‍රීඩකයන්ට ප්‍රශ්න කිරීමට අවස්ථාව තිබෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
තොරතුරු දැන ගැනීමට අදාළව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින් අද (23දා) අමාත්‍යවරයා මේ බව පැවැසීය.
සෑම ක්‍රීඩකයෙකුටම ජාතික ක්‍රීඩා සංගම් සඳහා තෝරා ගැනීමේදී ඇතිවෙන ගැටලු සම්බනධයෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාව තිබෙන බවත් ඒ අනුව තොරතුරු දැනගැනීමට අදාළ වැඩපිළිවෙලක් සකස් කිරීමට ජාතික ක්‍රීඩා සංගම් වලට උපදෙස් දුන් බවත් පාර්ලිමේන්තු විවාදයේදී ඔහු පැවැසීය.