ශ්‍රී ලංකාව හා පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගය සඳහා පාකිස්තානු දග පන්දු යවන ක්‍රීඩක සහීඩ් අජ්මාල් ක්‍රීඩාකරනු ඇති බව වාර්තාවෙයි. සැකසහිත පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් චෝදනාවකට ලක්ව සිටින අජ්මාල් පළමු එක්දින තරග දෙක සඳහා සම්බන්ධ නොවුණි.
ඒ ඔහු පරීක්ෂණයක් සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටි හෙයිනි. එම පරීක්ෂණවලින් පසුව අජ්මාල් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට වාර්තා වන අතර එහෙයින් 30දා දඹුල්ලේදී පැවැත්වෙන තරගයට අජ්මාල් ක්‍රීඩාකරනු ඇති බව පාකිස්තානු වාර්තා සඳහන් කරයි.