ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එළඹෙන 12 වැනිදා සූරියවැවදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් එක්දින තරගයට අඳුරු ආලෝකයෙන් බාධා ඇතිවුවහොත් විදුලි ආලෝකය යොදාගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා මෙන්ම දකුණු අප්‍රිකා ක්‍රිකට් බලධාරීන් සමග අද (12දා) සන්ධ්‍යාවේ පැවැති සාකච්ඡාවකදී ඔවුන් මෙම එකඟතාවට පැමිණ ඇත. මෙම තරගාවලි ආරම්භයේදී දිවා තරග දෙක සඳහා කිසිදු හේතුවක් මත විදුලි ආලෝකය යොදා නොගැනීමට ගිවිසුම්ගත වී තිබූ අතර ඒ හේතුවෙන් පළමු තරගයට විදුලි ආලෝකය යොදා නොගැනිණ.