එළඹෙන සැප්තැම්බර් මසදී පාකිස්තානයේ සංචාරයක යෙදෙන ලෝක ක්රිකට් කණ්ඩායමට ශ්රී ලංකාවේ තුන් ඉරියව් ක්රීඩක තිසර පෙරේරරා අන්තර්ගතව ඇත.
ලෝක ක්රිකට් කණ්ඩායම හා පාකිස්ථානය අතර තරග තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 12 වැනි දා ආරම්භ වන අතර මෙම කණ්ඩායමේ නායකකත්වය හිමි වී ඇත්තේ දකුණු අප්රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි හටයි. කෙසේ වෙතත් මෙම කණ්ඩායමට ඇතුලත්ව ඇති එකම ශ්රී ලාංකික ක්රීඩකයා තිසර පෙරේරා වේ.
ඉන්දීය ක්රීඩකයින් කිසිවෙකුත් අන්තර්ගතව නොමැති මෙම කණ්ඩායමට මේ වන විට අන්තර්ජාත්ක ක්රිකට් පිටියට සමු දී ඇති එංගලන්ත හිටපු නායක පෝල් කොලිංවුඩ් හා නවසීලන්තයේ ග්රාන්ට් එලියට් ද ඇතුලත්ව තිබීම විශේෂත්වයකි.
තරගාවලිය්දී ලෝක කණ්ඩායමේ පුහුණුකාරීත්වය , වත්මන් එංගලන්ත පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් ට හිමි වි ඇත. තරගාවලියේ තරග සැප්තැම්බර් 12, 13 හා 15 යන තෙදින තුළදී පැවැත්වේ. මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ 2009 වර්ෂයේ ශ්රී ලංකා කණ්ඩායමට පාකිස්ථානයේ ලාහෝර් නුවරදී එල්ල වූ ත්රස්ත ප්රහාරයෙන් අනතුරුව අන්තර්ජාතික කණ්ඩායමක් පාකිස්ථානයේ තරග සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වේ.
තරගාවලියට නම් කළ ලෝක කණ්ඩායම - ෆෆ් ඩු ප්ලෙසි (නායක), හෂීම් අම්ලා, සැමුවෙන් බඩ්රී,ජෝර්ජ් බේලි, පෝල් කොලිංවුඩ්, බෙන් කටින්ග්, ග්රාන්ට් එලියට්, තමීම් ඉක්බාල්, ඩේවිඩ් මිලර්, මෝනි මෝකල්, ටිම් පේන්, තිසර පෙරේරා, ඉම්රාන් තහීර්, ඩැරන් සාමි