සිය සිවුවැනි එක්දින ශතකය වාර්තා කිරීමට ළහිරු තිරිමාන්න අද (01දා) සමත්වුණා. ඒ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ තරගයේදීයි.
ඒ අනුව ලෝක කුසලාන තරගාවලියක අඩුම වයසකින් ශතකයක් රැස්කළ ශ්රී ලංකා ක්රීඩකයා බවටද තිරිමාන්න (අවුරුදු 25 දින 174) වාර්තා අතරට එක්වුණා.