ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ තවත් තීරණාත්මක සති අන්තයක ආරම්භය අද (25දා) සිදුවෙනවා. ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට කණ්ඩායම් සුදුසුකම් ලැබීමේ තරග කිහිපයක්ම මෙම සති අන්තයේදී පැවැත්වෙයි.
කොදෙව් හා ඇෆ්ගනිස්තාන තරගය හැරෙන්නට සෙසු සියලු තරග බොහෝ තියුණු මුහුණුවරක් ගැනීමට වැඩි අවස්ථාවක් තිබේ. ඒ අතරින් ශ්රී ලංකා කණ්ඩායමේ ඉරණම විසඳෙන තරගයක් හෙට (26දා) එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.